ෆේස්බුක් ඔස්ට්‍රේලියාවේදී සෙසු අයගේ Likes සැඟවීමට ක්‍රියාකරයි


ෆේස්බුක් ඔස්ට්‍රේලියාවේ සිදුකළ අත්හදා බැලීමක් අතරතුර ෆේස්බුක් විසින් පරිශීලකයන්ගේ පෝස්ට්වලට යොදන රුචිකත්වය දැක්වෙන 'Likes' ගණන සඟවා ඉන්ස්ටග්‍රෑම් ආකාරයේ හැසිරීමක් පෙන්නුම් කර තිබේ.

එහිදී, පසුගිය සිකුරාදා සිට ඇතැම් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තවත් පුද්ගලයෙකුගේ ෆේස්බුක් සටහනක Likes හෝ සෙසු ප්‍රතික්‍රියා ගණන දැකගත නොහැකි වී තිබේ.

මෙම මතභේදාත්මක වෙනස පසුගිය ජූලි මාසයේ සිට රටවල් කිහිපයකදී ෆේස්බුක් හි සහෝදර වේදිකාව වන ඉන්ස්ටග්‍රෑම් විසින් අත්හදා බලා තිබේ.

ෆේස්බුක් කියා සිටියේ Likes ඉවත් කිරීමට කටයුතු කළේ පරිශීලකයින් අතර සමාජ පීඩනය අඩු කිරීමේ උත්සාහයක් අනුව බවයි.

කෙසේ වෙතත්, තමන්ගේ පොස්ටුවල දැක්වෙන Likes සංඛ්‍යාව තවමත් ජනතාවට දැකගත හැකි වනු ඇතැයි සමාගම පවසයි.



Recommended Articles