ෆේස්බුක්-ඉන්ස්ටග්‍රෑම්-වට්ස්ඇප් සමාජ මාධ්‍යයන්හි බිඳ වැටීමක්


ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍යයන්හි ඡායාරූප, වීඩියෝ සහ ලිපිගොනු අප්ලෝඩ් කළ නොහැකි ලෙස යම් බිඳ වැටීමකට ලක්ව තිබූ බව වාර්තා වෙයි.

මෙම සමාජ ජාල මාධ්‍ය තුනෙහිම අයිතිය ඇති ෆේස්බුක් හි ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම තත්ත්වය හැකි ඉක්මණින් යථාත්ත්වයට ගැනීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටින බවයි.

පසුගිය මාර්තු මාසයේදීද ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල වැඩිම කාලයක් බාධාවන්ට ලක්වූ අතර, පසුගිය අප්‍රේල් මාසයේදීද මෙම සමාජ ජාල දෙකට මෙන්ම වට්ස්ඇප් හිද යම් බිඳ වැටීමක් වාර්තා විය.

එමෙන්ම, ෆේස්බුක් මැසෙන්ජර් ඇප් වැඩසටහනටද මෙහි බලපෑම ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.



Recommended Articles