ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලා විසින් එම ඇප් වැඩසටහන්වල තමන් කොපමණ වේලාවක් ගත කරන්නේද යන්න පරිශීලකයාට දැනගත හැකි අංගයක් එක්කර තිබේ.
අසීමිත කාලයක් සමාජ ජාලා සමග ගත කිරීමෙන් මානසික සෞඛ්‍යයට සෘණාත්මක බලපෑමක් ඇති කරන බැවින් මෙම නිවේදනය සිදුකිරීමට එම සමාගම් කටයුතු කර ඇත.
ඒ අනුව, තම ෆේස්බුක් ගිණුමේ හෝ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දත්ත පිරික්සමින් කා දැමූ කාලය දැන් ඔබටම බලාගත හැකි බව සඳහන් වෙයි.
එහිදී, අදාල පරිශීලකයා විසින් තමන් එම සමාජ ජාලය තුළ ගත කිරීමට නියම කරගත් කාලය ඉක්මවා සැරිසරන්නේ නම් ඒ පිළිබඳ දැනුම්දීම් සිදුකිරීම මින් පසුව සිදුවනු ඇත.