එක්සත් ජනපද මහ බැංකුව එරට තුළ ඉහළ යන උද්ධමනය මැඬපැවැත්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් දෙවැනි වරටත් පොලී අනුපාත ඉහළ දමා තිබේ.
ෆෙඩරල් සංචිත අනුපාතය මෙවැනි ඉහළ නැංවීමක් සැලසුම් කර ඇත්තේ ණය පොලී ඉහළ නංවමින් ආර්ථිකයේ යම් ස්ථායීතාවක් ඇති කිරීම වෙනුවෙනි.
කෙසේ වෙතත්, එරට ඇතැම් ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ මෙම ක්‍රියාමාර්ගය ගැනීම ප්‍රමාද වූ නිසා ආර්ථික අවපාතය නොවැළැක්විය හැකි වනු ඇති බවයි.