ෆුකුෂිමා කලාපයේ මාළු ජපාන අගමැතිවරයා ආහාරයට ගනියි


ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ෆුකුෂිමා කලාපයෙන් අල්ලා ගත් මාළු හෙවත් ඉතා රසවත් සුෂී අනුභව කරන බව ජපාන රජය විසින් නිකුත් කරන ලද වීඩියෝවක දැක්වේ.

එය 2011 ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට සිදුවූ හානියෙන් පසුව එහි වූ පිරිපහදු කළ විකිරණශීලී අපජලය මුහුදට මුදා හැරීම පිළිබඳ පවතින විවිධ චෝදනා මධ්‍යයේය.

එක්සත් ජාතීන්ගේ පරමාණුක බලශක්ති නියාමකයා පවසන්නේ පැසිෆික් සාගරයට පිරිපහදු කළ ජලය මුදා හැරීම ආරක්ෂිත බවය. එමගින් මිනිසුන්ට සහ පරිසරයට නොසැලකිය යුතු බලපෑමක් ඇති කරන බවත් ඔවුන් සඳහන් කර ඇත.

එහෙත් ජපානයේ මත්ස්‍ය ප්‍රමුඛතම ගැනුම්කරු වන චීනය, පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යය පිළිබඳ සැලකිල්ල හේතුවෙන් සිය මුහුදු ආහාර නිෂ්පාදන සම්පූර්ණයෙන්ම තහනම් කරන බව නිවේදනය කර තිබුණි.



Recommended Articles