එක්සත් ජනදයේ, ෆිලඩෙල්ෆියා හිදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු එල්ල කළ වෙඩි පහරවලින් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සමග සැකකරු වෙඩි හුවමාරුව සිදුකර ගෙන තිබුණු වේලාව එරට වේලාවෙන් සවස කාර්ය බහුල අවස්ථාවක් බව කියැවෙයි.
ෆිලඩෙල්ෆියා හි නයිස්ටවුන් ටියාගෝ හි නිවසක් මත්ද්‍රව්‍ය වරෙන්තුවක් සමග පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී සැකකරු විවෘත වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණි.
ඒ අනුව, පැය 7කට අධික කාලයක් සැකකරුට භාරවෙන ලෙස පවසමින් පොලීසිය ඒ අවට රැකවල් යොදා සිටි අතර, පසුව දෑත් ඔසවා ඔහු පොලීසියට යටත්වී තිබුණි.
සැකකරුගේ නීතීඥයා එරට මාධ්‍ය වෙත පවසා තිබුණේ, ඔහු යටත් කරගැනීම සඳහා තමන් පොලීසියට සහාය වූ බවයි.