ෆියෝනා සුළි කුණාටුව කැනඩාවට කඩා වැටෙයි


ෆියෝනා සුළි කුණාටුව නැගෙනහිර කැනඩාවේ නෝවා ස්කොටියා ප්‍රදේශයට කඩා වැදුණු බව එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) ප්‍රකාශ කරයි.

ඒ වනවිට මෙම සුළි කුණාටුව පැයට සැතපුම් 90 (කිලෝමීටර් 144) උපරිම සුළං සහිතව කඩා වැදී තිබුණි.

"ෆියෝනා අද ප්‍රබල සුළි කුණාටුවක් ලෙස අත්ලාන්තික් කැනඩාවේ කොටස් වලට බලපානු ඇතැයි අපේක්ෂා කරන අතර අධික සුළං, කුණාටු සහ අධික වර්ෂාපතනයෙන් සැලකිය යුතු බලපෑම් අපේක්ෂා කෙරේ" යනුවෙන් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.



Recommended Articles