ෆියෝනා කුණාටුව කැනඩාවට පහර දෙයි


ප්‍රබල කුණාටුවක් පශ්චාත් නිවර්තන සුළි කුණාටුවක් ලෙස සෙනසුරාදා අලුයම කැනඩාවට ගොඩබිමට පැමිණීමෙන් පසු නෝවා ස්කොටියා, ප්‍රින්ස් එඩ්වඩ් දූපත, නිව්ෆවුන්ඩ්ලන්ඩ් සහ ක්විබෙක් හරහා ක්‍රමයෙන් මන්දගාමී වී ඇත.

සුළි කුණාටු සහිත සුළං, ධාරානිපාත වර්ෂාව සහ උස් රළ සමග ෆියෝනා ගොඩනැගිලි විනාශ කළ අතර අවම වශයෙන් සම්පූර්ණ නිවාස ඒකක 12ක් සාගරයට ගසාගෙන ගොස් තිබේ.

නෝවා ස්කෝටියා වැසියන් 415,000ක් පමණ (පහෙන් හතරක් පමණ) විදුලිය ඇනහිටීම්වලට මුහුණ දුන් අතර, ප්‍රින්ස් එඩ්වඩ් දූපතේ වැසියන් 82,000ක් (දිවයිනේ පදිංචිකරුවන්ගෙන් 95%ක්) අඳුරේ සිටි අතර, නිව් බ්‍රන්ස්වික්හි 44,329කට විදුලිය අහිමි විය.

ඔවුන්ගෙන් 380,000 ක් සෙනසුරාදා පස්වරුව වන විට විදුලිය නොමැතිව රැඳී සිටි අතර, අලුත්වැඩියා කිරීමේ ප්‍රමාදය සඳහා පෙර නොවූ විරූ සුළං සහ අනතුරුදායක කාලගුණය ඊට බාධා කළේය.



Recommended Articles