ෆින්ලන්ත අගමැතිනිය සාදයේ නැටුවද මත්ද්‍රව්‍ය ගත්තේ නෑලු


ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සානා මැරින් මත්ද්‍රව්‍ය ගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ රාත්‍රී සාදයක වීඩියෝ දර්ශන අන්තර්ජාලයට කාන්දු වීමත් සමග ඇය කොකේන් පාවිච්චි කළ බවට නැගෙන කතාබහ නිසාය.

මෙම මතභේදය නිසා තරුණ නායිකාව මත්ද්‍රව්‍ය පරීක්‍ෂණයකට යොමු කරන ලෙසට ඇතැම් දේශපාලනඥයන් පොළඹවා ඇත.

“මේ වීඩියෝ ප්‍රසිද්ධ වීම ගැන මා කණගාටු වෙනවා. ඇත්තටම ඒ මම. මිතුරන් සමඟ රාත්‍රී සාදයක් පැවැත්වූයේ මම. ඒ වගේම ඝෝෂාකාරී හැසිරීම්, නැටුම් සහ ගායනා තිබුණා." මැරින් මාධ්‍ය වෙත පැවසීය.



Recommended Articles