ෆිජි හා ටොන්ගා දූපත් අසල මුහුදේ ප්‍රබල භූ කම්පනයක්


පැසිෆික් සාගරයේ ෆිජි හා ටොන්ගා දූපත් ආසන්න මුහුදේ රික්ටර් පරිමාණ 8.2ක ප්‍රබල භූ කම්පනයක් අද (19දා) ඇති වී තිබේ.

මෙම දූපත්වල සිට සැතපුම් 200ක් පමණ ඔබ්බෙන්, කිලෝමීටර් 560ක් මුහුදු පතුලෙන් මෙම ප්‍රබල භූ කම්පනයේ අපිකේන්ද්‍රය වාර්තා වූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අදාළ දත්තවලට අනුව මෙය සුනාමි තත්ත්වයක් දැයි පරීක්ෂා කෙරුණත්, ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති නොවනු ඇති බව ඔවුන් දැනුම් දී තිබේ. එමෙන්ම, හවායි වෙතද මෙයින් සුනාමි අවදානමක් නොමැති බව සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම භූ කම්පනයෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා නොවන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles