වතිකානුව - නූතන ඉතිහාසයේ පළමු වැනි වතාවට, සෙනසුරාදා මියගිය 16 වැනි බෙනඩික්ට් වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප් තුමන් "සරල" උත්සවයක් මෙහෙයවමින්, ලබන සතියේ ඔහුගේ පූර්වගාමියාගේ අවමංගල්‍යයේ මුලසුන හොබවනු ඇත.
මධ්‍යතන යුගයේ සිටම ධුරයේ සිටියදීම සිය ධුරයෙන් ඉල්ලා අස් වූ පළමු වැනි පාප් තුමන් වන්නේද, එතුමන්ය. එනමුදු වතිකානුව තුළ සිය ජීවිතයේ අවසාන භාගය එතුමන් ගෙවා දැමූහ.
95 හැවිරිදි හිටපු පාප්තුමන්ගේ අවමංගල්‍ය උත්සවය බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව වතිකානුව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
රෝමානු කතෝලික පාප්වරයෙකුගේ මරණය සාමාන්‍යයෙන් කාලානුරූපී සම්ප්‍රදායන් තුළ ක්‍රියාත්මක වන නමුත්, පාප් පදවිය අත්හැර දැමූ කෙනෙකුට එය කවරාකාරයෙන් සිදුවේද යන්න තවමත් පැහැදිලි නැත.
පෙර පාප්වරුන් අභාවප්‍රාප්ත වූ විට මෙන් නොව, 2013 දී බෙනඩික්ට්ගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාගත් ෆ්‍රැන්සිස් - තනතුරේ බොහෝ දුරට රැඳී සිටින බැවින්, නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා සමුළුවක් කැඳවීමට අවශ්‍ය නොවේ.
1996 දී සකස් කරන ලද නීතිරීතිවලට අනුව, පාප්වරයෙකුගේ මරණයෙන් දින හතරක් සහ හයත් අතර කාලයකදී ඔහුව මිහිදන් කළ යුතුය.