ෆ්‍රැන්සිස් පාප් තුමන්ව හදිසියේ රෝහල්ගත කරයි


ශ්වසන අපහසුතාවක් හේතුවෙන් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් හදිසියේ රෝහල්ගත කර ඇති බව වතිකානුව නිවේදනය කරයි.

ඒ අනුව, එලැඹෙන සිකුරාදා දිනය වනතුරු පාප් තුමන් සම්බන්ධ වන සියලුම වැඩසටහන් අවලංගු කර ඇති අතර, ඉරිදා දේව මෙහෙයටද පාප් තුමන්ට සහභාගී වීමට ලැබේවිද යන්න තවමත් පැහැදිලි නැත.

කෙසේ වෙතත්, මෙය කොවිඩ්-19 තත්ත්වයක් නොවන බවත්, පසුගිය දින කිහිපය පුරා හුස්ම ගැනීමේ අපහසුතා සම්බන්ධයෙන් පාප් තුමන් පැවසූ බවද වතිකානුව තවදුරටත් තහවුරු කරයි.

ඒ අනුව, පාප් තුමන්ට දින කිහිපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බවද වතිකානුව වැඩිදුරටත් නිවේදනය කරයි.



Recommended Articles