ෆ්ලෝරන්ස් ගණිකාවක් වූ හේතුව


සංචාරකයන් අධික වීම නිසා ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරය ගණිකාවක් බවට පත් කර ඇති බව ගැලේරියා ඩෙල් ඇකඩෙමියා කෞතුකාගාරයේ අධ්‍යක්ෂ පවසයි.

මෙමම ප්‍රකාශය නිසාම ඇයට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටද බලපෑම් එල්ල වී ඇති අතර, සිසිලි හොල්බර්ග් සමාව අයැද ඇතත්, ඉතාලි දේශපාලඥයින් ඇගේ මෙම ප්‍රකාශය ෆ්ලොරෙන්ස් වැසියන්ට අප්‍රසන්න හැඟීමක් එක්කර ඇති බව පවසයි.

“නගරයක් ගණිකාවක් බවට පත්වූ පසු එය නැවත කන්‍යාවක් වීම දුෂ්කරයි” 2015 සිට මෙම කෞතුකාගාරයේ ප්‍රධානියා වූ ජර්මානු කලා ඉතිහාසඥ හොල්බර්ග් සඳුදා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණි.

විශේෂයෙන්ම සංචාරකයන් අධිකවීම සහ ඒ හරහා නගරයේ සුන්දරත්වයෙන් තොර වෙළෙඳපොළක් පමණක් බිහිවීම කනගාටුදායක බවයි.



Recommended Articles