ෆ්ලොරීඩාවේ පාසල් භූමියකින් පැරණි සෙහොනක් මතුවෙයි


එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ටැම්පා හි උසස් පාසල් භූමියක සොහොන් කොත් 45ක් පමණ වැළලී ඇති බව රේඩාර් පරීක්ෂාවකදී තහවුරු වී තිබේ.

20 වැනි ශතවර්ෂය මැද භාගයේදී මෙම භූමිය දිළින්ඳන් භූමදානය කිරීම සඳහා යොදාගත් රිජ්වුඩ් සොහොන ලෙස හඳුනාගෙන ඇත.

මෙම සෑම සොහොන් කොතක්ම අඩි 3ත් 5ත් අතර ගැඹුරකට වළ දමා තිබී ඇති බවත්, මෙම පාසල් භූමියේ සොහොන සම්බන්ධයෙන් පැවති සැක සංකා තහවුරු කරගැනීම සඳහා රේඩාර් පරීක්ෂණය සිදුකර ඇත.

එහිදී, සමස්තයක් ලෙස කළු අප්‍රිකානුවන් 250කට වැඩි පිරිසක් මෙම ඉපැරණි සොහොනේ වළ දමා ඇති බව අනාවරණය වෙයි.



Recommended Articles