ෆ්ලොරිඩාවට බලපෑ සුළි කුණාටුව නිසා සිදුවූ මරණ 17 දක්වා ඉහළට


ඇමෙරිකා එක්සත් ජනපදයේ වයඹදිග ෆ්ලොරීඩාවට බලපෑ මයිකල් සුළි කුණාටුව හේතුවෙන් මියගිය පිරිස 17 දක්වා ඉහළ ගොස් තිබේ.

බලධාරීන් විශ්වාස කරන්නෙ වර්ජීනියා ප්‍රාන්තය දක්වා අතිශය ප්‍රබල බලපෑමක් කළ මෙම සුළි කුණාටුව හේතුවෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ ගිය හැකි බවය.

ඇමෙරිකානු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ආකාරයට ෆ්ලොරීඩාවට බලපෑ තෙවැනි දරුණුතම සුළි කුණාටුව ලෙස මෙය සැලකෙන අතර, පැයට කිලෝමීටර් 250 ඉක්මවන සුළ දහරා මෙම සුළි කුණාටුව විසින් ඇති කර තිබුණි.

මියගිය පිරිස වැඩි දෙනා ෆ්ලොරීඩාවෙන් වාර්තා වන අතර, එය 8කි. එමෙන්ම, වර්ජීනියා ප්‍රාන්තයේ 5ක් සහ උතුරු කැරොලීනා ප්‍රාන්තයේ තුනක්ද, ජොර්ජියා ප්‍රාන්තයේ එකක්ද වශයෙන් මරණ වාර්තා වෙයි.

සුළි කුණාටුවෙන් සුන්බුන් වී ගිය ගොඩනැගිලි යට සිරවී ඇති පුද්ගලයන් සහ මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බවද බලධාරීහු පවසති.



Recommended Articles