ෆ්ලොරිඩා ගොඩනැගිල්ලේ මරණ සංඛ්‍යාව 24ක් වෙයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා මහල් නිවාස කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ සතියකට අධික කාලයක් පුරා සිදුවන මුදාගැනීමේ මෙහෙයුම්වදී තවත් මළ සිරුරු දෙකක් සොයා ගැනීමත් සමගිනි.

මියාමි-ඩේඩ්  නගරාධිපති ඩැනියෙලා ලෙවින් කැවා පැවසුවේ ගොඩනැගිල්ල කඩාවැටීමෙන් අතුරුදන් වූ පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව මේ වනවිට විශ්වාස කරන බවයි.

ඒ අනුව මෙම ගොඩනැගිලි අනතුර හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 121ක් ලෙස සැලකෙන අතර, මළ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවෙයි.



Recommended Articles