එක්සත් ජනපද පොලිස් අත්අඩංගුවේදී මියගිය අප්‍රිකානු ඇමරිකානුවෙකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍ය උත්සවයේදී වාර්ගික යුක්තිය ඉල්ලා සිටීම කැපී පෙනුණි.
ටෙක්සාස් හි හූස්ටන්හි පල්ලියේ කථිකයන් පෙළ ගැසී සිටියේ, "ඔහු කළු ජාතිකයෙකු ලෙස උපත ලැබීම අපරාධයක් වූ මිනිසෙකු සිහි කිරීම" සඳහාය.
සුදු පොලිස් නිලධාරියෙකු ඔහුගේ බෙල්ල සිය දණහිසින් මිනිත්තු නවයකට ආසන්න කාලයක් තද කරගෙන සිටීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්විය.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු සේවයෙන් පහ කර තිබේ.
ඔහුගේ දේහය ෆවුන්ටන් ඔෆ් ප්‍රයිස් පල්ලියේ සිට හූස්ටන් හි අනුස්මරණ උද්‍යානය වෙත රැගෙන යන ලදී. පසුව එය හූස්ටන් නගරයට දකුණින් පිහිටි පෙයාර්ලන්ඩ් හි පෞද්ගලික සුසාන භූමියකට ගෙනයන ලද අතර, ඔහුගේ මවගේ දේහය අසලින්ම එය තැන්පත් කෙරිණි.
එහිදී ඔහුගේ මවගේ දේහය තැත්පත් කර ඇති ස්ථානය අසලම ඔහුගේ දේහයද තැන්පත් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ෆ්ලොයිඩ්ගේ ඥාති දියණියක වන බෘක් විලියම්ස් ඉල්ලා සිටියේ කළු ජාතිකයින්ට අවාසිසහගත ලෙස නිර්මාණය කර ඇති නීති වෙනස් කරන ලෙසය.
"අප්‍රිකානු-ඇමරිකානු ක්‍රමය අසාර්ථක වීම සඳහා දැනටමත් ක්‍රියාත්මක නීති බලපා තිබෙනවා. මේ නීති වෙනස් කළ යුතුයි. තවත් වෛරී අපරාධ සිදු නොවිය යුතුයි" ඇය කියා සිටියාය.
රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රතිවාදියා ලෙස කටයුතු කරන ජෝ බයිඩන් වීඩියෝ පණිවුඩයක් මගින් අවමංගල්‍ය උත්සවය ඇමතීය.
"ජෝර්ජ් ෆ්ලොයිඩ්ට යුක්තිය ඉටුවන විට, අපි සැබවින්ම ඇමරිකාවේ වාර්ගික යුක්තිය කරා යන ගමනක් යන්නෙමු." ඔහු කියා සිටියේය.
අවමංගල්‍ය උත්සවයට 500ක පමණ පිරිසක් සහභාගී වී සිටි අතර, ඒ අතර දේශපාලඥයන් මෙන්ම ජනප්‍රිය තරුද විය. මේ සියලු දෙනාම පාහේ මුඛ ආවරණ පැළඳ සිටින ආකාරයක් දැකිය හැකි විය.