බයෝඑන්ටෙක් සහ ෆයිසර් සමාගම් පැවසුවේ ඔවුන්ගේ එන්නත් මාත්‍රා තුනක් ලබාදීමේ ක්‍රියාවලිය රසායනාගාර පරීක්ෂණයකදී නව ඔමික්‍රෝන් කොවිඩ්-19 ප්‍රභේදය උදාසීන කිරීමට සමත්ව ඇති බවට නිගමනය වූ බවත්, අලුතින් හඳුනාගත් ප්‍රභේදයෙන් ආසාදනයට එරෙහිව ආරක්ෂාව සඳහා ෆයිසර් බූස්ටර එන්නත් මාත්‍රාව ප්‍රධාන විය හැකි බවට පූර්ව සංඥාවක් ලැබුණු බවත්ය.
ජර්මානු සහ එක්සත් ජනපද සමාගම් පැවසුවේ ඔවුන්ගේ එන්නත් මාත්‍රා දෙකකින් පසුව යම් කාලයකදී ප්‍රතිදේහවල බලය අඩු වුණත්, දරුණු රෝගවලින් තවදුරටත් ආරක්ෂා විය හැකි බවයි.
"එන්නත් මාත්‍රා දෙකක් සහිත පළමු ආරක්ෂක මාර්ගය තුළ නව ප්‍රභේද හමුවේ යම් අවදානමක් තිබෙනවා. ඒ නිසා ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් එන්නත් මාත්‍රා තුනක් අවශ්‍ය වේ," බයෝඑන්ටෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඔස්ලෙම් පැවසීය.