ෆයිසර් කොවිඩ් පෙත්තට ඇමෙරිකාව තුළ අනුමැතිය


ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති කොවිඩ්-19 ප්‍රතිකාර ඖෂධ පෙත්තට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි අවසරය ලබාදී ඇති අතර, මේ සමග එය කොරෝනා රෝගය සඳහා ප්‍රථම බලයලත් මුඛ ප්‍රතිවෛරස් ඖෂධය බවට පත්විය.

මෙම ඖෂධය වෛරසයට එරෙහිව නව මෙවලමක් සපයන අතර, එය පැමිණෙන්නේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය මතුවීමත් සමඟ ලෝකයම සීරුවෙන් සිටින අවස්ථාවක වීමද විශේෂත්වයකි.

Paxlovid ලෙස නම් කර ඇති මෙම ඖෂධ පෙත්ත, මුල් කොවිඩ්-19 ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා වේගවත් හා ලාභදායී ක්‍රමයක් ලෙස සැලකෙයි.

එක්සත් ජනපදය මේ වනවිටත් ඇ.ඩො.බිලියන 5ක ගනුදෙනුවකින් ඖෂධයේ තොග මිලියන 10ක් මිල දී ගෙන ඇති අතර, නොවැම්බර් මාසයේදී මෙම ප්‍රතිකාර නොමිලේ සහ ප්‍රවේශ විය හැකි බවට පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාද ප්‍රතිඥා දී ඇත.

එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ අනෙකුත් ජාතීන් සමග ගිවිසුම් යටතේ ලබන වසරේ ගෝලීය වශයෙන් මෙම ඖෂධ තොග මිලියන 80ක් නිෂ්පාදනය කිරීමට නියමිත බවද ෆයිසර් සමාගම පවසයි.



Recommended Articles