ෆයිසර් එන්නත ළමයින්ට ඵලදායී බව සමාගම කියයි


ෆයිසර් සහ බයෝඑන්ටෙක් සිය කොවිඩ්-19 මර්දන එන්නත වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමයින් සඳහා ආරක්ෂිත සහ ඵලදායී බව එම සමාගම් නිවේදනය කරයි.

මෙම එන්නත මගින් අවුරුදු 5 සිට 11 දක්වා ළමයින් තුළ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කළ බව පැවසූ සමාගම්, හැකි ඉක්මනින් එක්සත් ජනපදය, යුරෝපය සහ වෙනත් රටවල එම වයස් සීමාව තුළ සිටින දරුවන්ට එන්නත ලබාදීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවද පැවසීය.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතරම් අඩු වයස් කාණ්ඩයක් සඳහා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කර නැත.



Recommended Articles