ළමා ශ්‍රමිකයන්ගෙන් ලාභ ලබන චොකලට් සමාගම්


ජනප්‍රිය බ්‍රිතාන්‍ය රසකැවිලි නිෂ්පාදකයෙකු වන කැඩ්බරි හි හිමිකරු වන මොන්ඩෙලෙස් ඉන්ටර්නැෂනල්, ඝානාවේ ළමා ශ්‍රමය සූරාකෑම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව තිබේ.

ඒ වයස අවුරුදු 10ක් තරම් කුඩා දරුවන් කම්කරුවන් ලෙස යොදාගෙන කොකෝවා කරල් කපා කොටා කපන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් වීමෙන් පසුවය.

බොහෝ දරුවන් බලහත්කාරයෙන් මෙසේ සේවයේ යොදවා ඇති බවට අනාවරණය වී ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම දරුවන් පාසල් යවන බවට රැගෙන විත් මෙසේ ගොවිපළවල දිගු වේලාවක් වැඩ කිරීමට බලකරන බවත්, බිය නිසා කිසිවෙකුට මේවා අනාවරණය නොකරන බවත් එම දරුවන් පවසා ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles