ළමා දූෂකයන්ට මරණ දඬුවම් දීමට ඉන්දියාවේ නව පනතක් සම්මතයි


වයස අවුරුදු 12ට අඩු වයසේ පසුවන දරුවන් දූෂණයට ලක්කරන්නන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ පනතක් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබේ.

ළමා ලිංගික අපයෝජන පිටුදැකීමේ පනතට එක්කරන ලද නව සංශෝධන සහිතව මෙම නව පනත ඉදිරිපත් කර ඇත්තේ එරට කාන්තා හා ළමා සංවර්ධනය පිළිබඳ ඇමතිනී මේනකා ගාන්ධි විසිනි.

දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසන වැළැක්වීමට මෙම පනතෙන් අනුබලයක් ලැබෙනු ඇති බව ඇය විශ්වාස කරයි.

කාෂ්මීරයේදී වයස අවුරුදු 8ක දැරියක ලිංගික හිසනයකට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළු කුඩා දරුවන්ට එරෙහිව අපයෝජන සිද්ධීන් රැසක් පසුගිය කාලය තුළ වාර්තා වීමත් සමග මෙම නව පතන සම්බන්ධයෙන් කටයුතු කර තිබේ.

2012 වසරේ සිට 2016 වසර වනවිට ඉන්දියාව තුළ ළමා අපයෝජන සිදුවීම්වල සැලකිය යුතු වර්ධනයක් දැකිය හැකි අතර, 2012 දී 8,541ක් වූ එම අගය 2016 දී 19,765ක් වී තිබේ.



Recommended Articles