එංගලන්තයේ ඉහළ යන ළමා දරිද්‍රතාවය රැකවරණ නිවාසවලට යන ළමයින් සංඛ්‍යාව වැඩිවීමට දායක වන බව ලිවර්පූල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදුකළ අධ්‍යයනයකට අනුව ලැන්සෙට් අනාවරණය කරයි.
ඔවුන් රැකියා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සහ ආදායම් සහ රේගුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල ළමයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත, රැකවරණයට ඇතුළත් වන දරුවන්ගේ අනුපාත පිළිබඳ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දත්ත සමග සංසන්ධනය කරමින් මෙම පර්යේෂණ වාර්තාව නිකුත් කර ඇත.
වාර්තාවට අනුව, 2015 සහ 2020 අතර, රැකවරණයට ඇතුළත් වන මුළු ළමයින් සංඛ්‍යාවෙන් 8.1%ක් අතිරේක ළමයින් 10,351කට සමානව ඉහළ යන ළමා දරිද්‍රතාවයට සම්බන්ධ වී ඇත. එමෙන්ම ඇස්තමේන්තු කර ඇති අමතර වියදම් පවුම් බිලියන 1.4ක් බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි.
විශේෂයෙන්ම වර්තමානයේ ඇතිවී තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයද මෙම කරුණු කාරණා හේතු පාදක වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.