හොර හරක් ජාවාරමේ ගිය පුද්ගලයන් තිදෙනෙකු පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
නැගෙනහිර ඉන්දියාවේ, බිහාර් ප්‍රාන්තයේදී මෙම ඝාතන සිදුව ඇත්තේ ඔවුන් එළ ගව දෙනක සහ පැටවෙකු ලොරියකට පැටවීමට උත්සාහ කරමින් සිටියදීය.
ඉන්දියාව තුළ හිනිදු බැතිමතුන් විසින් ගවයා දේවත්වයෙන් සලකන වාතාවරණයක මේ ආකාරයෙන් හොර හරක් ජාවාරමේ යන පුද්ගලයන් ඝාතනයට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි.
කෙසේ වෙතත්, මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.