පොදු ස්ථානවලදී කාන්තාවන්ගේ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන හොර රහසේ ලබාගෙන ඒවා අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප ප්‍රකාශනවල පළ කිරීමට විරෝධය දක්වමින් දකුණු කොරියානු කාන්තාවන් විරෝධතාවක් පවත්වා තිබේ.
මෙම හොර රහසේ සිදුකරන වීඩියෝ සහ ඡායාරූප ගැනීම් වහාම වැළැක්වීමට පියවර ගන්නා ලෙස රජයට බල කරමින් එරට කාන්තාවන් පමණක් සහභාගී වූ මෙම විරෝධතාව සෝල් අගනුවරදී පැවැත්වුණු බව විදෙස් වාර්තා පවසයි.
දකුණු කොරියාව තුළ මෙවැනි අසභ්‍ය ප්‍රකාශන නීතියෙන් තහනම් කෙරුණත්, අති විශාල අසභ්‍ය වීඩියෝ සහ ප්‍රකාශන රැසක් රට තුළ සංසරණය වන බව හෙළි වී තිබේ.
මෙම විරෝධතාව සංවිධානය කළ පිරිස් පවසන්නේ එරට කාන්තාවන් තමන්ව කිසිවෙකු හෝ කවර ස්ථානයකදී හෝ හොර රහසේ වීඩියෝ හෝ ඡායාරූපයට ගනු ඇතැයි යන අනියත බියෙන් කාන්තාවන් පීඩා විඳින බවයි.
සෝල් නුවර පොලීසිය පවසා සිටියේ 20,000කට අධික විරෝධතාකරුවන් පිරිසක් මේ සඳහා සහභාගී වී සිටි බවයි.