යේමනයේ හොයුතු සටන්කාමීන් විසින් රජයේ හමුදා කඳවුරක් වෙත එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අල්-අනාද් හමුදා කඳවුරේ ක්‍රීඩාගාරයකට ඉහළින් බෝම්බ බැඳගෙන පැමිණි මෙම ඩ්‍රෝන යානය පුපුරුවා හැර ඇති අතර, මෙය යේමනයේ දකුණුදිග ලහාජ් පළාතේ පිහිටා තිබේ.
එම අවස්ථාවේදී ක්‍රීඩාංගණයේ පැවති පෙළපාලියක් වෙත ක්‍රීඩාගාරයේ සිට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පරීක්ෂාවට ලක්කරමින් සිට ඇති බව කියැවෙයි.
මෙම ප්‍රහාරයට ගොදුරුවූවන් අතර, නියෝජ්‍ය හමුදා ප්‍රධානී ජෙනරාල් සලේහ් අල්-සින්ඩානි සහ ලහාජ් පළාත් ආණ්ඩුකාර අහ්මෙඩ් අල්-ටුර්කි සිටින බවයි.
කෙසේ වෙතත්, හොයුතු සටන්කාමීන්ට සහාය දක්වන රූපවාහිනියක් පවසා තිබුණේ රජයේ හමුදා වෙත සහාය දක්වන සෞදිය ප්‍රමුඛ සන්ධානයේ සාමාජිකයන් ඔවුන්ගේ ඉලක්කය වූ බවයි.