හොන්ඩුරාස් හි ජනාධිපති ජුවාන් ඕර්ලන්ඩෝ හර්නාන්ඩෙස් පවසන්නේ තමාට සහ තම බිරිඳට නව කොරෝනා වෛරසය ආසාදිතව ඇති බව හඳුනාගෙන ඇති බවයි.
"සති අන්තයේ මට ඇඟට අපහසුවක් දැනෙන්නට පටන් ගත්තා. වෛද්‍යවරු පරීක්ෂා කළා. මට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා" යැයි ජනාධිපතිවරයා පවසා සිටියේය.
තමාට මෘදු රෝග ලක්ෂණ ඇති අතර ප්‍රතිකාර ලබන බවත්, ජනාධිපති ලෙස සිය රාජකාරි දිගටම කරගෙන යාමට අදහස් කරන නමුත් හුදෙකලාව කටයුතු කරන බවත් හර්නන්ඩෙස් පැවසීය.
මේ අතර හොන්ඩුරාස් ජනාධිපති ආර්යාව වන ඇනා ගාර්ෂියා ඩි හර්නාන්ඩෙස් සහ සහායකයන් දෙදෙනෙකුද වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇත. කෙසේ වෙතත් සිය බිරිඳට රෝග ලක්ෂණ නොමැති බව හර්නන්ඩෙස් පැවසීය.