හොංකොං හි පිටුවහල් නීතියට එරෙහි උද්ඝෝෂණ දරුණු වෙයි


හොංකොං රාජ්‍යයේ නව පිටුවහල් කිරීමේ පනත හකුලා ගන්නා ලෙස ඉල්ලා සිදුකෙරෙන උද්ඝෝෂණ උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, පොලීසිය විරෝධතාකරුවන් වෙත රබර් උණ්ඩ යොදා වෙඩි තැබීමක්ද සිදුකර ඇති අතර, කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබේ.

එහිදී, රජයේ ප්‍රධාන කාර්යාල රැසක් වෙත පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කරමින් රැඳී සිටින විරෝධතාකරුවන් පොලීසිය වෙත ගල් මුල්වලින් පහර ගසා ඇත.

හොංකොං හිදී යම් වරදකට චෝදනා ලබන අයෙකු නඩු විභාගය සඳහා චීනය වෙත පිටුවහල් කිරීමේ මෙම පනත සඳහා හොංකොං රජය තවමත් පෙනී සිටින අතර, එලැඹෙන ජුනි 20දා මෙය සම්මත කරගැනීමට ඔවුන් කටයුතු කරනු ඇත.

කෙසේ වෙතත්, මේ වනවිට ව්‍යවස්ථාපිත කවුන්සිලය විසින් එහි දෙවැනි වර කියවීම පමා කර ඇත. මේ අතර, හොංකොං රජය චෝදනා කරන්නේ බටහිර බලවේගවල උසිගැන්වීම මත මෙම විරෝධතා සිදුවන බවයි. 



Recommended Articles