හොංකොං හි උද්ඝෝෂණවලදී පිහි ප්‍රහාරයක් - 4කට තුවාලයි


හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වෙන අතරතුර සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ටායි කෝ දිස්ත්‍රික්කයේ සිටිප්ලාසා වෙළෙඳ සංකීරණය තුළ මෙම ප්‍රහාරය සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා විසින් පිහි ඇනුමකට ලක්වූවෙකුගේ කණක් සපා කා ඇති බවද සඳහන් වෙයි.

හොංකොං හි චෝදනාවට ලක්වූවන්ට දඬුවම් කිරීම සඳහා චීනය වෙත පිටුවහල් කිරීමේ නීතියට එරෙහිව පසුගිය මාර්තු මාසයේ සිට හොංකොං හි දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුවෙයි.

මෙම උද්ඝෝෂණ අතරතුර මෙම පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවන බව හොංකොං පොලීසිය පවසයි.



Recommended Articles