හොංකොං හි ආසාදන වැඩි වුවත් අගුලු දමන්නේ නෑ


හොංකොං හි මෑත කාලීන කොවිඩ්-19 වේගවත් පැතිරයාම මැඬපැවැත්වීම සඳහා නගරය පුරා අගුලු දැමීමට සැලසුම් නොකළ නමුත් ලබන මාසයේ ප්‍රධාන විධායක මැතිවරණය කල් දැමීමේ හැකියාවක් පවතින බව එහි ප්‍රධාන විධායක කැරී ලැම් ප්‍රකාශ කරයි.

පසුගිය සති දෙක තුළ හොංකොං වේගයෙන් පිරිහුණු ආසාදන පැතිර යාමක් පාලනය කිරීමට අරගලයක නිරතව සිටියි. එහි දෛනික ආසාදන 20ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර, ලැම් පැවසුවේ පළාත් පාලන ආයතනවලට ඔවුන්ගේ පරීක්ෂණ සහ හුදකලා කිරීමේ හැකියාව සමග මෙම වේගයෙන් යාමට නොහැකි බවයි.

රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි පීඩනයකට ලක්ව සිටියත්, ආසාදන වැඩි ස්ථාන අගුලු දැමීමේ සූදානමක් නොමැති බවද ඇය කියා සිටියාය.

"අපට වෛරසයට යටත් විය නොහැකියි. මෙය විකල්පයක් නොවෙයි." ඇය සඳහන් කළාය.

සෞඛ්‍ය බලධාරීන් අඟහරුවාදා ආසාදිතයන් 1,619ක් වාර්තා කළ අතර, එය දිනකට පෙර වාර්තා වූ වාර්තාගත ආසාදන 2,071කට වඩා මඳක් අඩුය.

වසංගතය ප්‍රථම වරට පැතිර ගියදා සිට හොංකොං දැඩි කොවිඩ්-19 ක්‍රියාමාර්ග ඇත. පල්ලිවල සිට පාසල් සහ ව්‍යායාම මධ්‍යස්ථාන දක්වා බොහෝ ස්ථාන වසා දමා ඇති අතර පුද්ගලයන් දෙදෙනෙකුට වඩා වැඩි ප්‍රසිද්ධ රැස්වීම් තහනම් කර ඇත. සවස 6 න් පසු ආපනශාලාවල ආහාර ගැනීමටද අවසර නැත.

කෙසේ වෙතත් හොංකොං පෙබරවාරි 24දා සිට එන්නත් බලපත්‍රයක් හඳුන්වා දීමට සූදානම් වෙයි. එහිදී පදිංචිකරුවන්ට ආපනශාලා, සුපිරි වෙළෙඳසැල් සහ සාප්පු සංකීර්ණවලට ඇතුළු වීමට පෙර එන්නත පිළිබඳ සාක්ෂි පෙන්විය යුතුය.

පාසල්වල මුහුණට මුහුණ ඉගැන්වීමේ කටයුතු අවම වශයෙන් මාර්තු 6දා දක්වා අත්හිටුවන බව රජය සඳුදා ප්‍රකාශ කළේය.

හොංකොං වෙත මෙම තත්ත්වයට මුහුණදීම සඳහා චීනය සිය ආධාර ලබාදෙමින් සිටින අතර, ප්‍රතිකාර සහ නිරෝධායන ධාරිතාව ඉහළ නැංවීමට සහ වේගවත් ප්‍රතිදේහජනක කට්ටල සහ ආරක්ෂිත ආම්පන්න සිට නැවුම් එළවළු දක්වා සම්පත් සුරක්ෂිත කිරීමට උපකාර කරමින් සිටින බව කියයි.

ඒ අනුව චීන මධ්‍යම රජය විසින් මිලියන 100කට අධික පරීක්ෂණ කට්ටල කලාපයට ලබා දෙන බව ලැම් පැවසීය.

වසංගතය ප්‍රථම වරට පුපුරා ගිය දා සිට හොංකොං හි සමස්ත ආසාදන 26,000ක් පමණ වන අතර, මරණ 200කට මදක් වැඩි ප්‍රමාණයක් වෙයි.



Recommended Articles