හොංකොං විරෝධතාවල මුහුණු ආවරණ තහනම් නිවේදනයක්


මහජන රැළිවලට එක්වීමේදී මුහුණු ආවරණ පැළඳීම තහනම් කිරීමට හොංකොං රජය සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම, ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මැඬපැවැත්වීම අරමුණු කරගනිමින් මෙම නීතිය ගෙන ඒමට සූදානම් වන බව සඳහන් වෙයි.

හදිසි රෙගුලාසි ආඥා පනත බලාත්මක කිරීමෙන් මෙම නීතිය ගෙන ඒමට කටයුතු කරන අතර, මෙය එරට ව්‍යවස්ථාවේ වසර 50කට වැඩි කාලයක් පුරා භාවිත නොකළ නීතියක් බවද කියැවෙයි.

හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ජුනි මාසයේ ආරම්භ වූ අතර, සැකකරුවන් හෝ අපරාධකරුවන් චීනයේ ප්‍රධාන භූමියට පිටුවහල් කිරීමේ යෝජනා මෙම තත්ත්වය ඇති කළේය.

මෙය නගරයේ අධිකරණ ස්වාධීනත්වයට හානි කළ හැකි බවත්, විරුද්ධවාදීන්ට මැඬපැවැත්වීමක් බවත් දැනටමත් විවේචනයට බඳුන් වී ඇත. 



Recommended Articles