හොංකොං විරෝධතාවන්ට සහාය දීමේ පනතක් ට්‍රම්ප් අත්සන් කරයි


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හොංකොං හි ප්‍රජාතන්ත්‍ර හිතවාදී විරෝධතාකරුවන්ට සහාය දෙන පනතකට අත්සන් තබා තිබේ.

මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී පනත නමින් හැඳින්වෙන මෙම පනත මගින් එක්සත් ජනපදය සමග ඇති විශේෂ තත්ත්වය සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් ස්වාධීනත්වයක් හොංකොං සතුව තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා වාර්ෂික සමාලෝචනයක් නියම කර ඇති බවද කියයි.

ට්‍රම්ප් කියා සිටියේ තමා මෙම නීතියට අත්සන් කළේ, ජනාධිපති ෂී ජින්පිං, චීනය සහ හොංකොං වැසියන්ට ගරු කිරීමක් ලෙස බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් චීනයේ විදේශ අමාත්‍යංශය කියා සිටියේ එක්සත් ජනපදය දුෂ්ඨ චේතනාවකින් මෙය සිදුකර ඇති බවත්, මීට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

එමෙන්ම, එක්සත් ජනපද තීරණය බරපතල මැදිහත්වීමක් බවත් එය අසාර්ථක වනු ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා ඇත.

දෙරට අතර වෙළෙඳ යුද්ධයක් අවසන් කිරීම සඳහා ට්‍රම්ප් මේ වනවිට චීනය සමග සංහිඳියාවක් අපේක්ෂාවෙන් පසුවන අවස්ථාවක මෙවැනි පනතක් අත්සන් කිරීම එම සංහිඳියාව පළුදු වන අවස්ථාවක් ලෙස විචාරකයෝ පවසති.

කෙසේ වෙතත්, හොංකොං රජයද මීට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙම පනත මගින් වැරදි සංඥාවක් නිකුත් වන අතර, තත්ත්වය සමනය කිරීමටද එය උදව්වක් නොවන බවය.



Recommended Articles