හොංකොං රාජ්‍ය විරෝධී ගැටුම් චීනයේ දැඩි විවේචනයට ලක්වේ


හොංකොං දේශයේ පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දැඩි විවේචනයකට ලක්කර ඇති චීනය, එය නීතියේ ආධිපත්‍යයට බලවත් තර්ජනයක් බව කියයි.

හොංකොං පිළිබඳ වූ චීනයේ ප්‍රධාන ප්‍රතිපත්ති කාර්යාලයේ ප්‍රකාශිකාව කියා සිටියේ රට තුළ යළි නීතිය බලාත්මක කිරීම ප්‍රමුඛ විය යුතු බවයි.

හොංකොංහි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මේ වනවිට මාස දෙකකට අධික කාලයක් පුරා ඇදී යන අතර, පසුගිය ඉරිදා දිනයේදී දරුණු ගැටුම් වාර්තා විය.

එහිදී, පොලීසිය විසින් උද්ඝෝෂකයන් වෙන රබර් උණ්ඩ යොදා වෙඩි තැබීමක් සිදුකළ අතර, කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කරන්නට විය.

එමෙන්ම, නගරයේ ස්ථාන රැසක මාර්ග බාධක යොදමින් උද්ඝෝෂකයන් පාලනය කිරීමට ක්‍රියාත්මක වී තිබුණි.



Recommended Articles