හොංකොං මැතිවරණයේදී තරුණ අපේක්ෂකයන්ටත් ජයග්‍රහණයක්


හොංකොං හි දිස්ත්‍රික් මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍ර හිතවාදී ව්‍යාපාරයට පෙර නොවූ විරූ ලෙස අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙමින්, චීන ගැති රජයේ පාර්ශ්වයට යම් දැඩි පණිවුඩයක් ලබාදී තිබේ.

මාස ගණනාවක් පුරා තරුණ තරුණියන් උද්ඝෝෂණ, විරෝධතා සහ පෙළපාලි පවත්වමින් මූලිකත්වය ගෙන කටයුතු කළ අතර, චූදිතයන් චීනය වෙත පිටුවහල් කිරීමේ පනත් කෙටුම්පතක් මගින් ප්‍රජාතන්ත්‍රවාදය සහ පොලිස් වගවීම සම්පූර්ණයෙන් අඩපණ කළ බවට රජයට චෝදනා එල්ල විය.

මෙම මැතිවරණයේදී බොහෝ තරුණ හා නවක අපේක්ෂකයින් හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නාමයෙන් ජයග්‍රහණය ලැබීමද එහි අතුරුඵලයක් ලෙස විචාරකයෝ පවසති.

විරෝධතා ව්‍යාපාරය ආරම්භ වූ මාස කිහිපය තුළ අවස්ථා දෙකකදී ආරක්ෂක අංශ අතින් පහරකෑමට ලක්වූ ජිමී ෂාම්ද මෙවර ජයග්‍රාහකයෙකි. 32 හැවිරිදි සිවිල් මානව හිමිකම් පෙරමුණේ නායකයා, ප්‍රධාන පෙළපාලි කිහිපයක් සංවිධානය කළ අයෙකි. හොංකොං හි විශාලතම ප්‍රජාතන්ත්‍ර හිතවාදී කණ්ඩායම්වලින් එකක් වන ඔහුගේ කණ්ඩායමද විශාලතම ජයග්‍රාහකයන් අතරට පැමිණ තිබේ.

ඔහු ලෙක් යුවාන් මැතිවරණ කොට්ඨාශයේ සිය ආසනය බෙයිජිං හිතවාදී සිවිල් බලකායේ වත්මන් මයිකල් වොන්ග්ට වඩා ඡන්ද 1000කින් ජයග්‍රහණය කර ඇත.



Recommended Articles