හොංකොං නායිකා කැරී ලැම් පවසන්නේ දිස්ත්‍රික් මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයන් ලැබූ විශාල ජයග්‍රහණය තුළ හොංකොං රජයේ අභිමතය “බැරෑරුම් ලෙස පිළිබිඹු කෙරෙන” බවයි.
මැතිවරණ ප්‍රතිඵලයට අනුව දිස්ත්‍රික් සභා 18 න් 17 ක්ම දැන් ප්‍රජාතන්ත්‍ර හිතවාදී මන්ත්‍රීවරුන් වෙත දිනාගැනීමට හැකිවී ඇති බව එරට මාධ්‍ය පවසයි.
බෙයිජිං විරෝධී විරෝධතා රැල්ල ආරම්භ වීමෙන් පසුව හොංකොං හි පළමු වතාවට මෙම මැතිවරණයේදී 71% කට වඩා පෙර නොවූ විරූ ලෙස ඡන්ද ප්‍රකාශ කිරීමක් වාර්තා විය.
එය කැරි ලැම්ගේ නායකත්වයට තදින් තරවටු කිරීමක් ලෙසත් විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දැක්වීමක් ලෙසත් සැලකෙයි.
හොංකොං හි චෝදනාවට ලක්වූවන් නඩු විභාගය සඳහා චීනයට පිටුවහල් කිරීමට ඉඩ සලසන මතභේදාත්මක පනතක් ඉදිරිපත් කිරීමට කැරී ලැම් උත්සාහ කළදා සිට හොංකොං හි මාස ගණනක් වඩාත් ප්‍රචණ්ඩකාරී විරෝධතා දක්නට ලැබුණි.