හොංකොං නායිකාවට විරෝධතා වාර්ෂික දේශනය අතරමග නවතී


හොංකොං නායක කැරී ලැම් පාර්ලිමේන්තුවේදී ඊයේ (15දා) සිදුකළ වාර්ෂික දේශනය අතරතුර දිගින් දිගටම එල්ල වූ බාධා කිරීම් නිසා ඇය එම දේශනය සජීවීව සිදුකිරීම අත්හිටුවා ඉවත්ව ගොස් තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරු ඇය පිටුපස සිට සටන් පාඨ කියමින් හා සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් සිදුකළ බාධා කිරීම් හමුවේ තවදුරටත් දේශනය පැවැත්වීමට ඇයට නොහැකි වී ඇත. පළමු බාධා කිරීමෙන් පසුව කෙටි වේලාවකින් එය නැවත ආරම්භ කළද, දිගින් දිගටම බාධා කිරීම් නිසා ඇය වීඩියෝ පණිවුයක් ලෙස පසුව දේශනය සිදුකර ඇත.

හොංකොං හිදී චෝදනාවට ලක්වූවන් චීනය වෙත පිටුවහල් කර නඩු විභාග කිරීමේ පනත සමග එරට තුළ මෙම විරෝධතා රැල්ල ඇති වූ අතර, එම පනත ඉල්ලා අස්කර ගත්තද, එය විධිමත් ලෙස සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගැනීම විපක්ෂයේ මෙන්ම, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වී තිබේ.



Recommended Articles