හොංකොං දිස්ත්‍රික් මැතිවරණයෙන්දී වාර්තාගත ඡන්දදායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උනන්දුවක් දක්වා ඇති බව වාර්තා වෙයි.
දහවල වනවිට 2015 වසරේ අවසන් වරට පැවති ඡන්ද විමසීමේදී ප්‍රකාශයට පත් ඡන්ද ප්‍රමාණය ඉක්මවා ඡන්ද වැටී තිබූ බව වාර්තා වෙයි.
එරට වත්මන් ප්‍රධාන විධායිකා කැරී ලැම් වෙත සහයෝගය හිමිවීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණයක් ලෙස මෙම මැතිවරණය හැඳින ගැනෙයි.
එමෙන්ම, එරට විරෝධතාවල නිරත වූ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ විරෝධතාකරුවන්ද මෙම මැතිවරණ ප්‍රතිඵලය චීන මධ්‍යම රජය වෙත ප්‍රබල පණිවුඩයක් රැගෙන යන අවස්ථාවක් ලෙස සලකයි.
එමෙන්ම, මැතිවරණය ආරම්භ වෙත්ම ඊට බාධ නොකර මැතිවරණය පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔවුන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීමද විශේෂත්වයකි.