හොංකොං දිස්ත්‍රික් මැතිවරණයෙන් විරුද්ධ පක්ෂයට දැවැන්ත ජයක්


හොංකොං රාජ්‍ය පැවති දිස්ත්‍රික් මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වැදි විරුද්ධ පක්ෂ කණ්ඩායම්වලට වැඩි බලයක් හිමිව ඇති බව වාර්තා වෙයි.

චීනයේ වෙනම ස්වයං පාලනයක් සහිත හොංකොං හි මාස කිහිපයක් පුරා පවතින විරෝධතා මෙහෙයවූ මෙම කණ්ඩායම් මෙම මැතිවරණය කෙරෙහි විශේෂ බලාපොරොත්තුවකින් පසුවිය.

ඒ අනුව, ප්‍රජාතන්ත්‍ර හිතවාදී කඳවුරට මේ දක්වා ආසන 278ක් දිනාගැනීමට හැකිවී ඇති අතර, චීනයට හිතැති කඳවුරට හිමිව ඇත්තේ ආසන 42ක් පමණි.

මෙම මැතිවරණය කඩාකප්පල් වේයැයි බියක් විරෝධතාකරුවන්ට පැවති අතර, ඔවුන් විසින්ම සිය සටන් සගයන්ට මුල සිටම කියා තිබුණේ මැතිවරණය සාමකාමීව පැවැත්වීමට ඉඩ ලබාදෙන ලෙසය.

ඒ අනුව, ඊයේ දිනයේදී සාමකාමීව මැතිවරණය පැවති අතර, මෙම ජයග්‍රහණය ප්‍රබල චීනය වෙත හොංකොං වැසියන් ලබාදුන් ප්‍රබල පණිවුඩයක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



Recommended Articles