හොංකොං රාජ්‍ය පැවැත්වෙන දිස්ත්‍රික් ඡන්ද විමසීමට බාධා නොකරන ලෙස එරට මේ දක්වා විරෝධතා දැක්වූ විරෝධතාකරුවන් ඔවුන්ගේ සටන් සගයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා පැවති විරෝධතා ව්‍යාපාරය මේ වනවිට මාස කිහිපයක් පුරා එකරට පැවතුණත්, අද ආරම්භ වූ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵලය චීනය වෙත ප්‍රබල පණිවුඩපයක් රැගෙන යනු ඇති බව ඔවුන්ගේ අදහසයි.
විශේෂයෙන්ම මැතිවරණය ආශ්‍රිතව උද්ඝෝෂණ හෝ ප්‍රචණ්ඩකාරීක්‍රියා වාර්තා වුවහොත් ඡන්දය අවලංගු කරන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග විරෝධතාකරුවන් සිය සටන් සගයන් වෙත මෙවැනි ප්‍රකාශයක් නිකුත් කර ඇත.
හොංකොං දිස්ත්‍රික් ඡන්ද විමසීමේදී සභිකයන් 400ක් තේරීපත්වීමට නියමිත අතර, අද ආරම්භ වූ ඡන්දයේදී ජනතාව වඩාත් උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය දැකිය හැකි වූ බව විදෙස් වාර්තා පවසයි.