හොංකොං රාජ්‍යයේ ඇවිලී යන උද්ඝෝෂණ අද (22දා) රාත්‍රියේදී වඩාත් දරුණු ස්වරූපයක් ගෙන තිබේ.
එරට තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා සටන් වදින රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් රැඳී සිටි යුඑන් ලෝන්ග් ප්‍රදේශය වෙත මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ දැඩි පහරදීමක් සිදුකර ඇත.
හොංකොං හි වරදකරුවෙකු ලෙස චෝදනා ලැබූවෙකු චීන මවු රටට පිටුවහල් කිරීමේ නීතියට විරෝධය දක්වමින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ වඩාත් දරුණු ස්වරූපයක් ගත් අවස්ථාවක් ලෙස මෙය සැලකෙයි.
කෙසේ වෙතත්, මෙම පහරදීම වැළැක්වීම සඳහා පොලීසිය ඉතා මන්දගාමී ස්වරූපයකින් ක්‍රියාකර ඇති බව එරට විරුද්ධ පක්ෂ දේශපාලඥයෝ චෝදනා කරති.
සමාජජාල තුළ බෙදාහැරුණු රූපරාමු අනුව පොලු මගුරු අතැතිව පැමිණි පිරිස් උද්ඝෝෂකයන් වෙත දිගට හරහට පහරදෙන දසුන් දැකිය හැකිය.
මෙම පහරදීමෙන් පුද්ගලයන් 45 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව හොංකොං රෝහල් ආරංචි මාර්ග පවසයි.