හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් වෙත මෝටර් රථයක සිට එල්ල කෙරුණු ගිණිකෙළි හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
ටින් ෂුයි වේයි දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස් වෙත ධාවනය වන මෝටර් රථයකින් මෙම ප්‍රහාරය එල්ල වන ආකාරය වීඩියෝ දර්ශනවල පටිගතව ඇත.
පොලිස් අත්අඩංගුවට පත්වූ උද්ඝෝෂකයන් පිරිසක් වෙනුවෙන් මෙම පිරිස් පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවද සඳහන් වෙයි.
හොංකොං රාජ්‍යයේ උද්ඝෝෂණ මේ වනවිට මාස දෙකකට අධික කාලයක් පුරා දිග්ගැස්සෙන අතර, මෙය ඇමෙරිකානු මැදිහත්වීමකින් සිදුවන්නක් බවට චීනය චෝදනා නගයි.