හොංකොං ආසාදිතයන් ඉහළ යද්දී රට තුළ සීමා දැඩි කරයි


හොංකොං ආශ්‍රිතව යළිත් කොරෝනා පොකුරක් ඉස්මතු වීම හේතුවෙන් ගෝලීය මූල්‍ය කේන්ද්‍රය සිය සමාජ දුරස්ථ සීමාකිරීම් තවදුරටත් දැඩි කරන බව නිවේදනය කරයි.

හොංකොං නායිකා කෙරී ලැම් පවසා සිටියේ අත්‍යවශ්‍ය නොවන සිවිල් සේවකයන්ට අද (20දා) සිට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

ගෙවීගිය දිනයේ පැය 24ක කාලය තුළ හොංකොං ආශ්‍රිතව නව ආසාදිතයන් 100කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ජනවාරි අග සිට හොංකොං වෙතින් මේ දක්වා ආසාදිතයන් 1,886ක් වාර්තා වී ඇති අතර, වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 12කි.



Recommended Articles