හේග් නුවර පිහි ඇණුමකින් වයස 13-15 අතර තිදෙනෙකුට තුවාල


ඕලන්දයේ හේග් නගරයේ වෙළෙඳ වීදියක සිදුවූ පිහි ප්‍රහාරයකට ගොදුරු වූ තිදෙනා වයස අවුරුදු 15 ක දැරියන් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි ළමයෙකු බව කියයි.

මෙම ප්‍රහාරයට ලක්වූවන්ගෙන් කිසිවෙකු එකිනෙකා දැන නොසිටි අයවලුන් වන අතර, පොලිසිය ප්‍රහාරය එල්ල කළේ යැයි සැකකෙරෙන පුරුෂයෙකු පසුපස ලුහුබඳියි.

තුවාල වූවන් මේ  වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බවද විදෙස් වාර්තා පවසයි.

එරට වේලාවෙන් පස්වරු 7.45ට පමණ පහර දුන් පුද්ගලයා පහර දීමෙන් පසු කළු සිකුරාදා දිනයේ සාප්පු සවාරියේ යෙදී සිටි අය අතරින් නොපෙනී ගොස් තිබේ.

ප්‍රහාරයට ගොදුරු වූවන් ලක්වූවන් නම් කර නොමැති නමුත් හේග් හි 13 හැවිරිදි පිරිමි ළමයෙකු, ඇල්ෆන් ආන් ඩෙන් රිජ්න් හි 15 හැවිරිදි දැරිය සහ ලයිඩර්ඩෝර්ප් හි තවත් 15 හැවිරිදි දැරියක තුවාල ලැබූ බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.



Recommended Articles