සාම්ප්‍රදායික අධිවේගී දුම්රියකින් වෙනස්ව, සුදු සහ රෝස පැහැයෙන් යුතු හෙලෝ කිටී තේමාවේ අධිවේගී දුම්රියක් ජපාන දුම්රිය සේවයට එක්ව තිබේ.
හෙලෝ කිටී කාටූන් චරිතය ප්‍රවර්ධනය කෙරෙන මෙම දුම්රිය මාස තුනක කාලයක් ඔසාකා සහ ෆුකුඕකා යන නගර කේන්ද්‍ර කරමින් ධාවනය කරනු ඇති බව ජපාන මාධ්‍ය පවසයි.
බටහිර ජපාන දුම්රිය සේවය විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම විශේෂ හෙලෝ කිටී දුම්රිය, පළාතේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය වෙනුවෙන්ද කටයුතු කරනු ඇති බව කියැවෙයි.
මෙම දුම්රියේ කවුළු, ආසන මෙන්ම දුම්රිය ඇතුළත බොහෝ දෑ සැකසීමේදී හෙලෝ කිටී තේමාවන් පමණක් යොදා ගැනීමට බටහිර ජපාන දුම්රිය සේවය කටයුතු කර තිබේ.