මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ නව කොරොන වෛරස (කොවිඩ්-19) ආසාදිත නව රෝගීන් 36ක් ගෙවීගිය පැය 24 තුළ තහවුරු වී ඇති අතර, ඉරිදා මධ්‍යම රාත්‍රිය වනවිට වෛරසය පැතිරුණු කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන මෙම පළාතෙන් මරණ 21ක් වාර්තා වූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
අලුතින් තහවුරු කරන ලද සියලුම සිද්ධීන් පළාත් අගනුවර වුහාන් වෙතින් වාර්තා වී ඇති අතර, එදිනම, ආසාදිතයන් 1,422ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු පළාතේ රෝහල්වලින් පිටව ගොස් ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.