ජපානයේ සත්වෝද්‍යානයක හුදකලාව සිටි ගිබොන් වඳුරෙකු පැටවකු බිහිකිරීමේ අබිරහස සත්වෝද්‍යාන බලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.
මොමෝ යන නමින් හැඳින්වෙන ගිබොන් පසුගිය 2021 වසරේදී පිරිමි සත්වයෙකු මුහුවීමකින් තොරව පැටවෙකු බිහිකිරීම ඔවුන්ගේ විමතියට හේතු විය.
කෙසේ වෙතත් එම පැටවාගේ ඩීඑන්ඒ පරීක්ෂණයකින් පසුගියදා අනාවරණය වී තිබුණේ, මෙම ගැහැණු සත්වයාගේ කූඩුවට යාබද කූඩුවක සිටි වයස අවුරුදු 34ක් පමණ වන ඉටෝ නමැති ගිබොන් වඳුරෙකු එම පැටවාගේ පියා බවයි.
එහිදී ඔවුන් සංවාසයේ යෙදී ඇත්තේ එම කූඩු දෙක අතර වූ මිලිමීටර් 9ක් තරම් ඉතා කුඩා සිදුරකින් බවද පරීක්ෂණ අවසානයේදී සත්වෝද්‍යාන බලධාරීන් අනාවරණය කරගෙන තිබේ.