හිසරද පැමිණිලිවලින් පසුව ට්විටර් පෙනුම වෙනස් කරයි


ට්විටර් යෙදුම දෙස බලා සිටීමේදී පරිශීලකයින් හිසරදය සහ පීඩාවක් ඇති වන බවට දිගින් දිගටම ලැබුණු පැමිණිලිවලින් පසුව ට්විටර් සිය පෙනුම වෙනස් කරමින් සිටියි.

ඒ අනුව ට්විටර් පෙනුම ප්‍රතිනිර්මාණය කිරීමේදී ප්‍රධාන වශයෙන් ඇතුළත් වූයේ පැහැදිලි වර්ණ විභේදනයක් සහ ඇසට අපහසුවක් නොවන අකුරු භාවිත කිරීමකි.

සමාජ ජාලය සිය පරිශීලකයන්ට පවසා තිබුණේ, මුලින් අමුතු හැඟීමක් ඇති විය හැකි නමුත් මෙමගින් දෘශ්‍ය අවුල්සහගත බව විසඳනු ඇති බවයි. නමුත් මෙම නවතම වෙනස් කිරීම්ද ඇතමෙකු විසින් විවේචනයට ලක්කර තිබුණි.



Recommended Articles