හියුමන් රයිට්ස් වොච් ක්‍රියාකාරිකයෙකු ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීම “මානව හිමිකම්වලට එරෙහි තීව්‍ර ප්‍රහාරයක්” බව එම සංවිධානය ඊශ්‍රායලයට චෝදනා කරයි.
ඊශ්‍රායලයට එරෙහි කටයුතුවලට සහාය දුන් විදේශිකයන් තහනම් කරන නීතියක් යටතේ පසුගිය වසරේ එක්සත් ජනපද පුරවැසි ඕමාර් ෂකීර්ගේ වීසා බලපත්‍රය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් අවලංගු කරන ලදී.
එම ආයතනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණත්, එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මාසය මුලදී රජයේ තීන්දුව පිළිගනු ලැබීය.
කෙසේ වෙතත් ෂකීර් තවදුරටත් ඊශ්‍රායල හා පලස්තීන අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන නමුත් ඔහු අසල්වැසි ජෝර්දානය පදනම් කරගෙන රැඳී සිටිනු ඇති බවද කියැවෙයි.
"මානව හිමිකම් නිරීක්ෂණ පර්යේෂකයන්ට බාධා කිරීම සඳහා ඊශ්‍රායලය අද වෙනිසියුලාව, ඉරානය සහ ඊජිප්තුව වැනි රටවල් සමඟ එක්වෙයි. නමුත් එමගින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සැඟවීමට ඔවුන් සමත් නොවනු ඇති" යනුවෙන් ෂකීර් සමඟ හියුමන් රයිට් වෝච් හි විධායක අධ්‍යක්ෂ කෙනත් රෝත් පැවසීය.
කෙසේ වෙතත්, මෙම රාජ්‍ය නොවන සංවිධාන විසින් විදේශයන්හි එකී රටවල ස්වාධීනත්වය සිදුකරන අතපෙවීම් සම්බන්ධයෙන් නොයෙක් වර විවේචනයන්ද එල්ල වී තිබේ.