හින්දු කෝවිලේ කාන්තා අයිතිය යළිත් අභියෝගයට ලක්වීමක්


ඉන්දියාවේ ප්‍රකට හින්දු කෝවිලක් වෙත කාන්තාවන්ට ඇතුළු වීමට අවසර දෙමින් ලබාදුන් ඓතිහාසික තීන්දුව යළි සලකා බැලීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය එකඟ වී තිබේ.

කේරලයේ පිහිටි සබරිමාලා දේවාලය වෙත කාන්තාවන්ට ඇතුළු වීමට ලබාදුන් තීන්දුවෙන් ඉන්දියාව පුරා දැඩි විරෝධයක් එල්ල වූ අතර, නඩු තීන්දුවෙන් පසුව ඊට ඇතුළු වීමට උත්සාහ කළ කාන්තාවන්ට පහරදී තිබුණි.

ඒ අනුව, මේ තීන්දුව සම්බන්ධයෙන් යළි සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය හින්දු කාන්තාවන් උරණ වී ඇති අතර, ඔවුන් පවසන්නේ තමන් මේ අයිතිය ලබාගැනීමට දැඩි සටනක් ගෙනගිය බවයි.

ඉන්දියාවේ ඔසප් කාන්තාවන් හින්දු දේවස්ථාන තුළට ගැනීම දේවස්ථානය අපිරිසිදු වීමක් ලෙස සලකන අතර, මේ නිසා බෙහෝ දේවස්ථාන වෙත ඇතුළු වීමට කාන්තාවන්ට තහනම් කර තිබේ.



Recommended Articles