හිටපු පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි


බලයෙන් පහ කෙරුණු පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ බිරිඳ කුල්සූම් නවාස් ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වී තිබේ.

ඇයගේ ස්වාමියා සහ දියණිය මේරියෑම් යන දෙදෙනාම පසුගියදා පාකිස්තානයට යළි පැමිණි අවස්ථාවේදී අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

අවස්ථා තුනකදී පාකිස්තානයේ ප්‍රථම ආර්යාව බවට පත්ව ඇති ඇය මිය යනවිට 68 වැනි වියෙහි පසුවිය.

2017 වසරේ සිට පිළිකා රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි ඇය, පසුගිය ජුනි මස 14 වැනිදා හෘදයා බාධයක් හේතුවෙන්ද ප්‍රතිකාර ලබමින් සිටියාය.

එමෙන්ම, ඇය 2017 වසරේදී පාකිස්තාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙසද තේරීපත්වූ අයෙකි.

නමුත්, ඒ වනවිටත් ප්‍රතිකාර සඳහා විදේශගතව සිටි බැවින් ඇයට සිය මන්ත්‍රී ධුරයේ රාජකාරී කිරීමට අවස්ථාව නොලැබුණි.

වර්ෂ 1971 දී කුල්සූම් නවාස් හා නවාස් ෂරීෆ් අතර විවාහය සිදුවූ අතර, වර්ෂ 1990 - 1993, 1997 - 1999 සහ 2013 - 2017 දක්වා ඇය අගමැති බිරිඳ ලෙස කටයුතු කළාය.



Recommended Articles